(දයාරත්න ඇඹෝගම)
සගයෙකු සමග මත්කුඩු ජාවාරමක නිරතවු හමුදා භටයෙකු අද(07) කුබිච්චන්කුලම වැව ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව,ඊරට්ට පෙරියකුලම හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන 33 හැවිරිදි හමුදා භටයෙක් සහ ඔහුගේ සගයෙකු වන 30 හැවිරිදි අයෙකි.
මොවුන් දෙදෙනාම දුටුවැව පදිංචිකරුවෝ වෙති.
සැකකාර හමුදාභටයා සිය සගයා සමග යතුරුපැදියකින් අනුරාධපුර කුබිචිචන්කුලම වැව ආසන්නයේ මත්කුඩු ජාවාරමේ යෙදි සිටියදි හෙරෝයින් මිලි ගැම් 750 ක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (07)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd