(රොමේෂ් මධුෂංඛ)
කොලඹ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වූ බස් රථයක් මන්නාරම් මාර්ගයේ අද (14) සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනතුරට ලක් වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියයි.
කොලඹ කොච්චිකඩේ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වී ඇති මෙම බස් රථය අධික වේගයකින් ගමන්කොට ඇති අතර සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි මල්වතු ඔය වැටී ඇති ප්‍රධාන පාලමේ බස් රථය ගැටී ඇති අතර බස් රථය ඉවතට පෙරලීමෙන් වළක්වා ගැනීමට රියදුරුට හැකිවී තිබේ.
අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ වැදීම හේතුවෙන් පාලමෙන් පහලට වැටීම වැලකී ඇති අතර එසේ සිදුවුයේ නම් දැඩි හානියක් සිදුවීමට ඉඩ තිබූ බවත් පාලමේ වැදීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 08 දෙනෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහල වෙතට ඇතුළත් කොට ඇති බවට සේට්ටිකුලම් පොලීසිය පැවැසීය.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයතුළ මගීහු 40 දෙනෙකු පමණ ගමන්කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මඩු බලා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වී 8ක් රෝහලේ
Sinhalaya Monday, 15 October 2018 03:53 AM
පාලමේ වැරැද්ද. වන්ගුවක හදන්නේ නැතුව කෙලින් පාරක පාලමක් හැදීම. පොලවේ යන්න තියන වාහන ඉගිල්ලෙන්න ගිහාම ඔහොම වෙනවා තමයි. අහිංසක ජිවිත එක්ක තමයි සෙල්ලම් කරන්නේ.