(රෝහණ සමරවීර)
කොළඹ වැල්ලවාය මාර්ගයේ උඩවලව 9 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් අලියෙක් වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලියක මගී බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ. පසුව උඩවලව වනජීවී නිලධාරින් විසින් අද (25) මහත් පරිශ්‍රමයක් යොදා තුවාල ලැබූ අලියා උඩවලව ජලාශය පරිශ්‍රයට වෙත රැගෙන යනු ලැබීය. අලියාට ප්‍රතිකාර කරන අතරතුර මිය ගිය බව උඩවලව වනජීවී නිලධාරිහු පැවැසූහ.
එම අනතුරෙන් බස් රථයේ ගමන් ගමන් කරමින් සිටි මගියෙක්ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් එම තුවාල කරුට බරපතල නොවන බව සෙවනගල පොලිසිය කියයි.
වල් අලියාගේ සිරුරේ ගැටණු බස් රථය බස් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ නිවසක වහලයට සු`එ හානි සිදු කරමින් ගෙමිදුලක නතරවී තිබුණි.
අනතුරෙන් පසුව එම අලියා මාර්ගයේ සිට මීටර් 4ක පමණ දුරක් ගමන්කර විදුලි වැටෙන් වනෝද්‍යානයට ඇතුල්වී විදුලි වැට ආසන්නයේ වැටී සිටි අතර අලියාගේ ඉදිරිපස දකුණු පාදයට බරපතල ලෙස හානි සිදුවී ඇති අයුරක් දකින්නට ලැබුණි.
මාර්ගයේ සිට අලියා වැටී සිටි ස්ථානයට දක්වා මීටර් 4ක පමණ දුරක තැනින් තැන ලේ වහනය වී තිබුණු අතර අනතුරට පත් බස් රථයේ ඉදිරි පසට දැඩි ලෙස හානිවී තිබුණි.
අනතුර සිදුවූ දින රාත්‍රි 9.30ට පමණ වනෝද්‍යානයේ ආරක්‍ෂිත විදුලි වැට බිඳගෙන ගම්මානය දෙසට යාමට වන අලියා උත්සාහ කරමින් සිටියදී රත්නපුර දෙස සිට අධික වේගයෙන් වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටි බස් රථයේ අලියා ගැටී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.
අනතුරට පත් අලියා අලින් ප්‍රවාහනය කිරීමට සකසා ඇති කන්ටේනර් රථයකින් උඩවලව ඇත් අතුරු සෙවන වෙත ප්‍රතිකාර සඳහා ගෙන යාමට වනජීවී නිලධාරිහු කටයුතු කළහ. නමුත් අලියාගේ දිවි බේරාගැනීමට නොහැකි විය.
දකුණු පළාත් බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් මත උඩවලව ජාතික වනෝද්‍යානයේ බාරකරු වන ආර්.ජී.ආර්. එස්. රණතුංග මහතාගේ අධීක්‍ෂණය යටතේ ඉදිරි පරීක්‍ෂණ සිදුකෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස්රථයක ගැටී අලියකු මරුට