(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිලියන්දල කැස්බෑව ගුරු ගම්මාන පාරේ පිහිටි හෝටල් හිමිකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් සිටියේ පිළියන්දල ගුරු ගම්මාන පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු වන 51 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි
මෙම පුද්ගලයා ඉකුත් 7 වැනිදා අළුයම එම හෝටලය තුළදීම අභිරහස් ලෙස ඝාතනය කර තිබූ අතර එම අවස්ථාවේ දී මියගිය හෝටල් හිමිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා හෝටලයේ සිට ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මද වේලාවකට පසුව මියගිය පුද්ගලයාගේ බිරිඳ හෝටලයේ සේවකයන්ට මේ බව දන්වා පොලිසිය දැනුවත් කර තිබූ බව පොලිසිය පවසයි.
පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ අතර එහිදී මොට ආයුධයකින් හිසට පහරදී ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිසිය පවසයි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකුගෙන් කර තිබූ ප්‍රශ්න කිරීම්වලින් හා හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ ලද තොරතුරුවලට අනුව සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් සැකකරුවකු මීට දින පහකට පමණ පෙර අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මින් එක් සැකකරුවකු මීට පෙර එම හෝටලයේම සේවය කළ අයෙකු බවත් ඔහු ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිලියන්දල හෝටල් හිමිකරුගේ ඝාතනයට සැක 2 ක් අත්අඩංගුවට