(ප්‍රියාණි මංගලිකා )
කොරෝනා වයිරස වසංගත තත්වය හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නිරෝධායනයට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ගේ පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා පොලීසේ නිරෝධායනයට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ පවුල් 46ක් වෙනුවෙන් මෙලෙස වියලි ආහාර පාර් සල් ඔවුන් ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් එම පවුල් වෙත ලබා දීම සිදු කෙරිණි.
මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල රාජකාරී කිරීමේදී, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිරෝධායනයට ලක්ව නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් වල නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 46 දෙනෙකු වෙනුවෙන් මෙම ආධාර ලබාදීම සිදුවිය.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කොට්ඨාසය මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නමලල ,කොට්ඨාස සොකෝ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර යන මහතුන් ඇතුළු ප්‍රජා පොලිස් ඒකක නිලධාරීන රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට පොලිසියෙන් උදව්