IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරිය අපයෝජනය කළාට වසර 36ක සිර දඬුවමක්

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
දස වසරකට පෙර බාලවයස්කාර දැරියකට අවස්ථා තුනකදී බරපතල අපයෝජනය කිරීම් සම්බන්ධව චෝදනාලද   පුද්ගලයෙකු වරදකරු කළ, රත්නපුර පළාත්බද මහාධිකරණ ශාලා අංක එකෙහි විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුට එරෙහි චෝදනා තුනටම වෙන් වශයෙන් දඩුවම් නියම කළ අතර,  එක් චෝදනාවකට වසර 12ක් බැගින් සිරදඩුවම්  නියම කර චෝදනා තුනටම වසර 36 ක සිරදඩුවම් නියම කළේය.
 
මෙසේ වසර 36ක සිරදඬුවම් නියමවූයේ රත්නපුර මල්වල ඕලුගල පදිංචි එස්.ඒ. සෝමදාස නොහොත් කංකානම් මාමා අන්වර්ථ නාමයෙන් හඳුන්වන වැඩිහිටි පුද්ගලයෙකි.
 
මීට අමතරව විත්තිකරුට එරෙහි චෝදනා තුනටම එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් දඩමුදල් ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු දඩමුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය  බැගින් වන පරිදි චෝදනා තුනට වෙන් වශයෙන් විත්තිකරුට සාමාන්‍ය සිරදඩුවම් නියම කළේය.

එසේම, විත්තිකරුට එරෙහි බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධ එක් චෝදනාවකට ලක්‍ෂ දෙක බැගින් වන පරිදි විත්තිකරු විසින් අපයෝජනයට ලක් කළ වින්දිත දැරියවූ තරුණියට වන්දි මුදල් ගෙවීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

එය පැහැර හරින්නේ නම් විත්තිකරුට එක් චෝදනාවකට වසරක් බැගින් චෝදනා තුනට වෙන් වශයෙන් සාමාන්‍ය සිර දඬුවම් නියම කළේය. 

මෙහිදී විත්තිකරු එම  දඩ සහ වන්දි මුදල් ගෙවීම් පැහැර හරින්නේ නම්  චෝදනා තුනට අදාලව සිර දඩුවම් කාලසීමාවන් වෙන් වෙන් වශයෙන් ගෙවීයායුතු බවටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරු ගෙවන දඩමුදල්වලින් 20%ක ප්‍රතිශතයක් වින්දිතයන් සුරැකීමේ අරමුදලට බැර කළයුතු බවටත් විනිසුරුවරයා මෙහිදී නියම කළේය.

වසර 2010 දී සිදුව ඇති මෙම ලිංගික අපයෝජන සිදුවීම් පිලිබඳව එකල බාලවයස්කාරික වූ අපරාධ වින්දිත දැරිය තමා අධ්‍යාපන ලැබූ පාසලේ පන්තිභාර ගුරුතුමිය සහ තවත් ගුරුවරුන් මෙම සිදුවීම පිලිබඳ පැවසීමෙන් පසු එම ගුරුවරුන් විසින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව රත්නපුර පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

වසර 2010 ජනවාරි 01 දිනත් 2010 දෙසැම්බර් 31 දිනත් අතර කාලයදී රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ ඕලුගලදී බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය  සිදුකිරීම සම්බන්ධව විත්තිකරුට එරෙහිව අධිචෝදනා තුනක් ගෙනුකර එවකදී නිතිපති ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා විසින් රත්නපුර පළාත්බද මහාධිකරණයෙහි මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකරුගේ අපයෝජනයට ලක්වූ මෙම නඩුවේ අපරාධ වින්දිත දැරිය එම අපයෝජන සිදුවීම්  සිදුවන විට, ඇය පදිංචි ඕලුගල ප්‍රදේශයට ආසන්න පාසලක පහ වසරේ අධ්‍යාපනය ලැබූ බාලවයස්කාර දැරියක බව  නඩුවේ සාක්‍ෂි විභාගයදී අනාවරණය විය. ඇය ඇගේ නිවසේ කටයුත්තකට මැටි සොයගැනීමට  විත්තිකරුගේ නිවසට පැමිණි අවස්ථාවේදීත් තවත් අවස්ථා දෙකකදීත්  විත්තිකරු විසින් ඇයට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවත් නඩුවේ සාක්‍ෂි විභාගයදී හෙළිදරව් වී තිබුණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛනය අනුව අපරාධ වින්දිත දැරිය, එම දැරියගේ මව සහ පොලිස් විමර්ශන සිදුකළ රත්නපුර පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්‍ෂක අනුරුද්ධිකා, පොලිස් කොස්තාපල්(42893) ජයතිස්ස, දැරිය උප්පැන්නය පිළිබඳ විමසීමට රත්නපුර අතිරේක රෙජිස්ට්‍රාර් රත්නපුර ශීක්‍ෂණ රෝහල අධිකරණ වෛද්‍ය නිලධාරී කේපී පට්ටියවත්තගේ,කාන්තා පොලිස් පරීක්‍ෂක පුෂ්පලතා කාන්තා පොලිස් කොස්තාපල් (3356) යන නිලධාරීන් ඇතුළුව පැමිණිල්ලේ සාක්‍ෂි වශයෙන් සාක්‍ෂිකරුවන් 11ක් කැඳවූ බව සඳහන්වෙයි. අපරාධ වින්දිත දැරියගේ උප්පැන්න සහතිකය සහ ඇය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා යනාදිය නඩුගොනුවේ සාක්‍ෂි ලේඛනවල ඇතුලත්ව තිබුණි.
 
මේ නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීම රජයේ සමදරී පියසේන මහත්මිය විසින් සිදුකළ අතර, චූදිත වෙනුවෙන් රජයෙන් පත් කළ නීතීඥ නෙරංජන් චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ පෙනීසිටියේය.



අදහස් (2)

දැරිය අපයෝජනය කළාට වසර 36ක සිර දඬුවමක්

fairoos Thursday, 16 July 2020 07:50 AM

කල්ගිහින් හරි සාධාරණයක් ඉටුවන එක හොඳයි. නඩුවකට අවුරුදු 10ක්...?

:       0       54

raween04Thursday, 16 July 2020 08:15 AM

බාලවයස්කාර අපයෝජනයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site