IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි - ජනපති

(මොහොමඩ් ආසික්)

බාල දක්ෂ ව්‍යාපාරය තුල තිබිය යුතු හා  තිබෙන මූලික සිද්ධාන්ත මූලික ප්‍රතිපත්ති මූලික දර්ශනය මුල් කර ගත් තේමාව තුල කටයුතු කරමින් කාලානුරූපය යුගයට අවශ්‍ය පරිදි තාක්ෂණ  ලෝකය තුල බාලදක්ෂ ව්‍යාපාරය තුලත් අවශ්‍ය වෙනස්කම් සිදු විය යුතු බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ශ්‍රී  ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ නියුක්ව ව සිටින බාලදක්ෂයින් හට  බාලදක්ෂ ජනාධිපති  සම්මාන පිරිනැමීම සඳහා අද 20 වනදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමන් මෙසේද කීය.

‘‘මා බාල දක්ෂයෙකු වශයෙන් සිටි කාලයේ තිබූ සමාජ ප්‍රශ්න නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ ලෝකය නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ සමාජ වටපිටාව නෙවෙයි අද තියෙන්නේ. එදා පාසැල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තියෙන්නේ. අද එයට වඩා සියල්ලම වෙනස් වෙලා තියෙනවා. එ් නිසා  වාණිජ සමාජයක තරඟකාරී  සමාජයක යහපත් දේට වඩා අයහපත් දේ නරක දේ අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු  වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩාත් යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාග ඉහළින් සමත්වන දරුවන් ඒ විභාග සමත් වීමට සැම විටම ලබා දිය යුතු ප්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීමට සැමවිටම අවශ්‍ය ප්‍රායෝගික සමාජයේ අභියෝගවලට අප මුහුණ දිය යුතු වෙනවා. ඒ නිසා විභාග සමත් වන ඔබට ජීවිතය සමත් වන්න බාල දක්ෂ ව්‍යාපාරය ඉතා විශිෂ්ට වූ කාර්යයක නියැලී සිටිනවා කියලයි මම විශ්වාස කරන්නේ....“යැයිද ජනාධිපතුමා මෙහිදී කිය.

මෙම  අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක,  මධ්‍යම හිටපු මහ අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර නගරාධිපති කේරස සේනානායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණලික යන මහත්වරුන් ඇතුළු  විශාල පිරිසක්ද  එක්ව සිටිහය.



අදහස් (0)

උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි - ජනපති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site