IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උකුවෙල ප්‍රා. සභාව උණුසුම් වෙයි

(මහේෂ් කීර්තිරත්න) 
 
උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සඳහා සභා රැස්වීම් ශාලාව ලබාදීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් හේතුවෙන් අද(15)පැවති මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති විය.
 
සභාපති(එ.ජ.නි.ස) චේතිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික සභා රැස්වීම පැවැත්විණි.
 
මන්ත්‍රීවරුන් ඇතුලු පිටස්තර පුද්ගලයින් රැසක් මෙම රැස්වීමට පැමිණ ඇති බවත් දේශපාලන කාරණා ගැන සාකච්ඡා කිරීමට ශාලාව භාවිත කිරීමට ඉඩ දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද සභාව වෙත ප්‍රශ්නය යොමු කරමින් මන්ත්‍රී (එ.ජා.ප) අයි.එම්. පාරිස් මහතා කියාසිටියේය.
 
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක(ශ්‍රී.ල.පො.පෙ) සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ තමන් සභාපතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් නිසි අවසරය රැගෙන රැස්වීම පැවැත් වූ බවත් මන්ත්‍රීවරුන් සහ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අය ඊට සහභාගී වූ බවත් ඉදිරියේදී ඔවුන්ද මන්ත්‍රීවරුන් වශයෙන් මෙම සභාවේ නියෝජනය කරනු ඇති බවත්ය.
 
විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා සහ මන්ත්‍රී අයි.එම් පාරිස් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවූ අතර සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ සභාවේ වාහන පාවිච්චි කරමින් සිරිකොතට යන බවත් ඒවාද ඉදිරියේදි හෙළි කරන බවත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු ලෙස මෙවැනි සුළු සිද්ධීන් පිළිබඳව කතා කිරීමගැන කනගාටු වන බවත්ය.
 
සිරිකොතට වාහන රැගෙන නොගිය බවත් සභාවේ වැඩකටයුතු සඳහා වාහන පාවිච්චි කළ බවත් පාරිස් මහතා කියා සිටියේය.
 
මෙය මින් ඉදිරියට සිදු නොවන බවත් සභාව යතුරු දමා වසා දමන බවත් මහ සභා දිනයට පමණක් විවෘත කරන බවත් උප සභාපති (එ.ජා.ප) ඒ .ජේ නිසාර් මහතා කියා සිටියේය.



අදහස් (0)

උකුවෙල ප්‍රා. සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site