IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හෙරොයින් - ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනාරච්චි)

අම්පාර ගල්මඩුව හන්දිය අසලදී අම්පාර දිස්ත්‍රික් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

දිස්ත්‍රික් දූෂණ මර්ධන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර තිබේ.

සැකකරුවන් දෙදෙනා සමන්තුරේ සිට අක්කරපත්තුව දක්වා මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1300 ක් , ගංජා මිලි ග්‍රෑම් 45000 ක් , එක් ලක්ෂ හතලිස් පන්දාහසක මුදල් සහ කුඩා තරාදියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් සන්තකයේ තිබී මානව සම්පත් සහ ස්වභාවික සම්පත් සුරැකීමේ සංවිධානය නමින් හැඳුනුම්පතක්ද තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පැවසීය.



අදහස් (0)

හෙරොයින් - ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site