IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

           

යාපනය,පුත්තූර්,කින්දුපිට්ටි හින්දු සුසාන භූමිය වෙත මෘත දේහයක් අදාහනය කිරීමට විරෝධය පලකරමින් කළහකාරීව හැසිරුණු පුද්ගලයින් සිව්දෙනකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසයි.

මෘත දේහය ආදහනය සඳහා පෙරේදා(27) පිරිසක් රැගෙන ඒමත් සමඟ කින්දුපිට්ටි ගම්මානයේ දෙපිරිස  අතර මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගම්මානයේ පුද්ගලයකුගේ සිරුර ආදාහනය කිරීම සඳහා දේහය රැගෙන සුසාන භූමිය වෙත පැමිණීමත් සමඟ සුසාන භූමිය අවට පදිංචිව සිටි පිරිස ප්‍රකෝප වී අතර පසුව මෙම නොසන්සුන්කාරි තත්වය හටගත් බව අච්චුවේලි පොලිසිය පවසයි.

යාපනය,පුත්තූර් කලෙයිමදි ගම්මානය මධ්‍යයේ පිහිටි මෙම සුසානභූමිය කලකට ඉහතදී මෘත දේහයන් ආදහනය නොකළ අතර පසුව ප්‍රදේශවාසීන් පිරිසස් නැවතත් මෘත දේහයන් රැගෙන එමින් ආදාහනය කිරීම ආරම්භ කර ඇති බව ද පැවසීය.

පසුකාලීනව සුසානය ආසන්නයේ නිවාස ඉදිකිරීමත් සමඟ සුසානය තුළ ආදාහන කටයුතු සිදුනොකර ඇති අතර, ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ සිරුර අදාළ සුසාන භූමිය තුළ ආදාහනය කිරීමට රැගෙනඒමත් සමඟ සුසාන භූමිය අවට පදිංචිකරුවන් හා මළ සිරුර රැගෙන පැමිණි පිරිස සමඟ නොසන්සුන්කාරි තත්වය හටගෙන තිබිණි.

මීට පෙර ද අදාළ සුසානය තුළ මළ සිරුරු අදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් අධිකරණයේ ද අධිකරණ නඩු විභාගයක් ද පවතින බව පොලිසිය සඳහන් කළේය.

මෘත දේහය අදාහනය සඳහා රැගෙන ඒමත් සමඟ ඇති වු නොසන්සුන්කාරි තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැදවීමට සිදුවු බව අච්චුවේලි පොලිසිය පැවසීය.

අනතුරුව දේහය රැගෙන ආ පිරිස සුසාන භූමිය ඉදිරිපිට හිඳගනිමින් විරෝධතාවක නිරත විය. අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, යාපනය අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site