IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සමගිජන බලවේගයේ පිරිසක් ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
වත්මන් රජය ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අක්කර 171ක් කැබළි කර සිය හිතවතුන් අතරේ බෙදා දීමට කටයුතු කරන බව  කියමින් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් ඇඹිලිපිටිය නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද(20)  විරෝධතාවක් පැවැත්වූහ.

‘භාෂණයේ නිදහස සුරකිමු’ මැයින්  සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගයේ කොළොන්න ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම විරෝධාවට එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ කොලොන්න ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත‍්‍රී බී. ආරියවංශ මහතා පමුඛ සමගි ජනබලවේගයේ පළාත් පාලන සභිකයන් හා ක‍්‍රියාකාරීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්‍දු මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවකට ජනාධිපතිවරයා තර්ජනාත්මකව පිළිතුරු දීමත්, පොදු ජනතාව වෙනුවෙන් කතාකළ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සිරගත කිරිමත් යන කරුණ දෙකට විරෝධය පාමින් මෙම විරෝධතාව පැවැත්විණි.

යහපාලන ආණ්ඩුව සමයේ කළ කටයුතු, විවේචනය කළ, විවිධ සංවිධාන නමින් පෙනී සිටි භික්‍ෂූ කණ්ඩායම්, වියත්මග, වියත්හඩ ආදී එදා ජනතාව වෙනුවෙන් පෙනීසිටින බවට කී උගතුන් යැයි කී කිසිවෙක් අද ආණ්ඩුව භාෂණයේ නිදහස උදුරා ගනිද්දි මුණිවත රකින බව විරෝධතාකරුවෝ කීහ.

සිරගත කළ යුතු තැනැත්තන් නිදහස් කරමින් ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස හඩ නැගූවන් සිරගත කරන ආණ්ඩුවක් හමුවේ භාෂණයේ නිදහස ලැබෙන තුරු සමගි ජන බලවේගය සටන් කරන බව ද විරෝධතාවට එක්ව සිටි පිරිස හඩ නගා කීහ



අදහස් (1)

සමගිජන බලවේගයේ පිරිසක් ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක

banda Wednesday, 20 January 2021 11:27 AM

මුලු රටම කැබලිකර විකුණනු ලැබේ... ඔබේ කොටස අදම වෙන්කර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site