IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සංචාරකයින් දෙදෙනෙක් රැගෙන යාමට පැමිණි රියදුරාට පහරදීලා

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල මොරගල්ල හෝටලයක සිටි සංචාරකයින් දෙදෙනෙකු ගුවන්තොටුපළ වෙත රැගෙන යාමට පැමිණි සංචාරක සමාගමක රියදුරෙකුට එම හෝටලය ඉදිරිපිට රථ ගාලේ රියදුරන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අද (21) පහරදී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ රියදුරා අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පහරකෑමට ලක්ව ඇත්තේ ඕ. ඩබ්ලිව් රසික නැමැති අයෙකු බව පොලිසිය කීය.

හෝටලය ඉදිරිපිට රථගාලේ රියදුරන්ට හැර වෙනත් අයට විදෙස් සංචාරකයින් රැගෙන යාමට නොහැකි බව කියමින් තමාට පහරදුන් බව පහරකෑමට ලක් වූ රියදුරා අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වන බව අලුත්ගම පොලිසියේ නිලධාරියෙකු පැවසීය.

 

 



අදහස් (5)

සංචාරකයින් දෙදෙනෙක් රැගෙන යාමට පැමිණි රියදුරාට පහරදීලා

Pradeep Friday, 21 February 2020 12:56 PM

මෙන්න මේ කුලී රථ මාෆියාව වහාම නවතා දැමිය යුතුයි. කුලී රථ කරුවන් හිතු හිතු ගණන් අයකරන නිසා තමයි මේ ගොඩක් අය ඇප් හරහා රථ ඇනවුම් කරන්නේ. සාධාරණ මිලකට අපි කැමති වාහනයක ගමනක් යන්නවත් බැරිනම් මොකටද ඒ රටට නීතියක්..

:       0       2

saman Friday, 21 February 2020 01:30 PM

නිතිය අතට ගන්න මෙවැනි මැරයින්ට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගෙන අනිත් යටත් ආදර්ශයක් ලෙස දැඩි දඩුවම් දෙන්න. නැත්නම් මේ රට හදන්න බෑ

:       0       0

Walter White Friday, 21 February 2020 02:39 PM

බස් රියදුරන්ට පස්සේ ඉන්න අය තමයි ත්‍රීවීල් පදින අය, ඒ අයගෙත් තියෙන්නේ මාෆියා කල්ලිවල ලක්ෂණ.

:       0       0

Akila Friday, 21 February 2020 04:12 PM

මේ ගැන ආණ්ඩුවෙන් හොයනේ නැත්ද ? මෙහෙම ගියොත් අපේ රට සංචරයෝන්ට එපා ම කරලා දාවි මේ අය.

:       0       0

Jay Saturday, 22 February 2020 01:14 AM

මේක දැන් පුරුද්දකට ගිහින්. හෝටල් ගාව ඉන්න ත්‍රීවීල් රියදුරන් සංචාරක කර්මාන්තයම විනාශ කරනවා. මීට කලින් එක සංචාරකයෙක් තමුන්ගේ ගමන් මල්ලේ නැවත ලංකාවේ ත්‍රීවීල් වල යන්නේ නැහැ කියලා ලියාගෙනම ගියා. ඕනෑම සංචාරකයෙක්ට අයිතිය තියෙනවා තමුන් කැමති වාහනයක් කුලියට ගන්න. එකට විරුද්ධවෙන්න ඔය කාටවත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 150 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site