(රොමේෂ් මධුෂංඛ)
 

මුලතිව් පුදුකුඩිඉරිප්පු ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත්කරන ලෙස ඉල්ලා පාසල් සිසුහු සහ මව්පියවරු අද (14) විරෝධතාවක නිරත වූහ.
 
ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු රවිහරන් මන්ත්‍රීවරයාද සහභාගී විය.
 
විරෝධතාකරුවන් කියා සිටියේ මුරුගානන්ද විද්‍යාලය වෙනුවෙන් වරින් වර විවිධ ප්‍රදේශයන්හි සිට විදුහල්පතිවරුන් පත් කරන නමුත් ඔවුන් ස්ථාන මාරු වීම් ලබාගෙන යාම හේතුවෙන් පාසලේ අභිවෘද්ධි කටයුතු මෙන්ම අධ්‍යාපනික කටයුතු ද අඩාල වී ඇති බවයි.
 
පාසලට ප්‍රදේශයේ සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු පත්කිරීමට කලාප අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බවද මව්පියවරු කීහ.