IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය අයෙක් විදුලිසැර වැදී මරුට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කිසියම් අයකුට අනතුරක් වේ යැයි සිතා මහමග වැටී තිබූ විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය පුද්ගලයකු විදුලි සැර වැදීමෙන්  ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ දැරණියගල, දෙල්ඔළුව, වල්පොල,  පදිංචි හිටිගෙදර මුදියන්සේලාගේ උපාලි රංජිත්  (42) හැවිරිදි  විවාහකයෙකි.

මෙම පුද්ගලයා අංගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය  අලෙවි මධ්‍යස්ථානයක සිට මිරිහාන ප්‍රදේශයේ නිවසකට ටිපර් රථයකින් භාණ්ඩ  තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, බැද්දගාන හන්දිය ආසන්නයේ  මාර්ගය හරහා විදුලි රැහැනක් වැටී තිබී ඇත. ඉන් පදිකයින්ට අනතුරක් වේයැයි සිතා එය ඉවත් කිරීමට යාමත් සමඟ විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

ඉන් අනතුරට පත් පුද්ගලයා  මහමග වැටී සිටියදී  මාර්ගයේ ගමන් ගත් වෙනත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් බාරදී ඇති අතර එහි  හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පැවසෙයි.

මියගිය පුද්ගලයා සන්තකයේ තිබූ දුරකතන අංකයකට දන්වා ඥාතීන් කැඳවා දේහය හඳුනාගැනීමෙන් අනතුරුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ  මහතා විසින්  දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකෙරිණි.

එහිදී මෘත  දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.පී. අබේසිංහ මහතා විසින් නිකුත් කර තිබුණි.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව හා සාක්ෂි සැලකිල්ලට ගනිමින් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදෙමින් අනතුර සිදුවූ  බල ප්‍රදේශය අයත්  ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයාගේ වාර්තාවක් 2021/02/06 කැඳවන ලෙසට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු විපුල නරසිංහ මහතා පොලීසියට නියෝග කළේය .



අදහස් (0)

විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය අයෙක් විදුලිසැර වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site