IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලිබල පනත් සංශෝධනයට එරෙහිව ගාල්ලේදී විරෝධතාවක්

(ඩී.ජී.සුගතපාල) 
 
විදුලිය මිලදී ගැනීමේ බලය විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට පවරා ගැනීමට ගෙනෙන ලද පනත් සංශෝධනයට එරෙහිව දිවයින පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද(22) ගාල්ල නගරයේදී පැවැත්විණි.
 
විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබිණි.
 
එහි  ජාතික කැඳවුම්කරු සංජීව ධම්මික මහතා කියා සිටියේ විදුලි ජනන සැලසුම් මගින් අනුමත විදුලි බලාගාර ඉදිකිරීම හිතාමතාම නතර කර ඩීසල් බලාගාරවලින් අත්තනෝමතික ලෙස අධික මිලට විදුලිය ගැනීම නිසා ජාතික ආර්ථිකයට රුපියල් බිලියන සියයක පාඩුවක් සිදුකර ඇති බවය.
 
විදුලි පනත සංශෝධනය කර විදුලිය මිලදීගැනීමේ බලය ඇමති මණ්ඩලයට පවරාගැනීමට පියවර ගෙන තිබෙන බවත්, මහා පරිමාණ විදුලිය මිලදීගැනීමේ වංචාවක් සඳහා සැකසු අලුත්ම කැබිනට් පත්‍රිකාව වන්නේ විදුලිය මිලදී ගැනිමේ බලය එම ඇමතිවරයාට පවරන පනත් සංශෝධනය බවත් මේ තුළින් විශාල වංචාවක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.



අදහස් (0)

විදුලිබල පනත් සංශෝධනයට එරෙහිව ගාල්ලේදී විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site