(ඩී.කේ.රත්න)
 
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලබා අද (01) බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.
 
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඇල්ල නගරයට පැමිණ ආපසු කල්මුණේ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට පත්වී ඇත.
 
වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේදී නවදෙනෙකු ගමන් කර තිබෙන අතර මෙම අනතුරින් නව දෙනාම බරපතල තුවාල ලබා තිබේ.
 
රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.