(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
එළවළු ප්‍රවාහනය කරන ලොරිරථවලින් එළවළු ගෝනි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු පෙබරවාරි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (10) දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රජවක සහ බෝවත්ත ප්‍රදේශවල පදිංචි 25 සහ 30 යන වයස්වල පසුවෙන පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් අද (10) අලුයම බලන්ගොඩ කල්තොට මාර්ගයේ එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයකින් එළවළු ගෝනි සොරකම් කරමින් සිටියදී බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd