(අනීෂා මානගේ)
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළදී මුවන් පස් දෙනකු ඝාතනය කර රැගෙන යමින් සිටි බව කියන සිව් දෙනෙකු අද (21) පලා ගිය බවද ඔවුන් රැගෙන යමින් සිටි මුව මස් කිලෝග්‍රෑම් 72ක් සිය බාරයට ගත් බව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීහු පවසති.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ මුර සංචාරයේ යෙදෙන වනජීවි නිලධාරීන් දුටු සැකකරුවන් ඔවුන් රැගෙන පැමිණි මුව මස් තොගය සිත්තරම් පාලම අසල දමා පලා ගිය බව නිලධාරීහු කියති.
සැකකරුවන්ගේ යැයි සැකකරන ජංගම දුරකතනයක් වනජීවි නිලධාරීහු සොයාගෙන ඇති අතර එමගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd