
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු, පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත කන්නන්ගර මහතා සහ සුසන්ත ආරච්චිගේ නිමල් ප්‍රේමතිලක නැමැති අයෙකි.
සැකකරුවන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලග්ගල පොලිසිය සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2/3 දීලා මාස 6යි අවුලක් නැහැ.