(තරංග ගුණරත්න) 

බලපත්‍ර නොමැතිව රටබීම අලවිකළ පුද්ගලයෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිගම නගරයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රටබීම අතර බියර් මිලිලීටර්  59180 ක් , අරක්කු  මිලිලීටර්  71310 සහ විවිධ වර්ගයේ රට  අරක්කු  මිලිලීටර්  20500 ක් වන බවත්  මෙහි වටිනාකම රුපියල්  ලක්ෂ හතරකට අධික  බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.