
(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බල ඇණියට අනුයුක්ත මතුගම කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් වරයෙකු ගමන්ගත් යතුරුපැදියක් අද (21) උදෑසන මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝපිටිය මංසන්ධියේදී ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දඹදෙනිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය දර්ශනපුර නවනගරයේ පදිංචි 37 හැවිරිදි බොරැල්ලේගෙදර අශෝක කුමාර චන්ද්‍රරත්න නැමති දෙදරු පියෙකු බවද සඳහන්වේ.
මියගිය සෙබලා තම ගම්ප්‍රදේශයේ සිට යතුරුපැදියෙන් රාජකාරී කටයුතු සඳහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණදෙන්න ඇති බවට පොලීසිය සැකකරන බවද පොලීසිය පවසයි.
අනතුර සිදුකල කොච්චිකඬේ බම්බුකුලිය ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී සමරකෝන් මහතාගේ උපදෙස් මත රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
157
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් හමුදා කෝප්‍රල් මරුට