(කාංචන කුමාර ආරියදාස)
ප්‍රදේශයේ ජනතාවට සෙත්පතා සහ රටට වැසි පතා පරම්පරික සොකරි නාඩගම රඟ දැක්වීමක් අද 18 දින පහන්වනතුරු දඹුල්ල පහලවැව වැව් තාවුල්ලේ දී පැවැත්විණි.
ඊයේ රාත්‍රියේදී ඇරැඹි මෙම සොකරි නාඩගම අද පහන්වනතුරු පැවැත්විණි.
දඹුල්ල පහළවැව සොකරි කණ්ඩායමේ නායක කේ. ජී .ධර්මදාස ගුරුන්නාන්සේ මෙම සොකරි නාඩගම සඳහා නායකත්වය ලබා දී පවත්වන්නට යෙදුණේය. මෙම සොකරි නාඩගම පහළවැව ගම්මානයේ තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි .
අතීතයේ සිටම දුර්භික්ෂ මැඩලීම වැසි සම්පත් ලබා ගැනීම භවභෝග සාරවත් කිරීම දරු සම්පත් ලබා ගැනීම, පැපොල, සරම්ප ආදී රෝග රැසක් සුව කර ගැනීම මුල්කරගෙන සත් පත්තිනි දෙවියන් උදෙසා මෙම සොකරි නාඩගම පවත්වනු ලබයි.
බංගලි දේශයේ සිට මෙරටට රජවරුන් හරහා පැමිණෙන කතා වස්තුවක් මෙහි අන්තර්ගතය ලෙස හැදින්වේ.
සත් පත්තිනි දෙවියන්ගේ දේව බලයකින් මෙහි අවස්ථා දැඩිහාස්කම් ඇතිව පැවැත්වීම විශේෂත්වයකි. එම හාස්කම් අතරින් කලස් නැටීම, අඹ නැටීම, වී කෙටීම, නයි නැටවීම, ආදී අවස්ථා රැසක් මෙම සොකරි නාටකයේ පවතී.
අලුයම දෙකට සොකරි නඩගමේ එන ගුරුන්නාන්සෙගෙ පපුව මත වංගෙඩියක් තබා එම වංගෙඩියට වී දමා නාඩගමේ එන සොකරිය සහ කාලිය මෝල් ගස් දෙකකින් වී සහල් වනතුරු කෙටීම සිදුකෙරේ.
එම අවස්ථාවේදී සොකරිය සහ කාලිය දේවාරූඪයෙන් වී කොටන අතර වී සහල් වූ විට නැවතත් එම ගුරුන්නාන්සේ ප්‍රකෘති තත්ත්වයට පත් වේ.
පසුව අලුයම් කාලයේ එසේ කොටාගන්නා වී වලින් සත් පත්තිනි දෙවියන් උදෙසා දානය ලබා දී රටට ගමට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ භවභෝග සම්පත් වර්ධනය වීම උදෙසා හිරු දෙවියන් නැමදීම සිදු කරති.









2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටට වැසි-ජනතාවට සෙත් පතා සොකරි නාඩගමක් දඹුල්ලේ