IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට

රොමේෂ් මධුෂංඛ

 

කිලිනොච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඒ-9 මාර්ගයේ අධික වේගයකින් තරුණයින් දෙදෙනෙකු ගමන් ගත යතුරුපැදිය කිලිනෝච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී නවතා තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.

අධික වේගය හේතුවෙන් නවතා තිබූ බස් රථය පසුකර යාමට ගත් උත්සහයක දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ පටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනො රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව  පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය උච්චිපුලත්තෙයි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි ගජානන්දන් හා කුමාර් තනූසන් නැමති තරුණයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site