( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ  තැම්පතුකරුවන්ගේ  රුපියල් කෝටි පහළොවකට ආසන්න  මුදලක්   වංචා කළ බවට   චෝදනා  ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  හිටපු කළමනාකාරිණිය   නොවැම්බර් මස 19 වැනිදා   දක්වා  යළි  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 )දා නියෝග කළේය.
 
2018 වසරේ  නොවැම්බර් මාසයේ  මොරහැල, උඩවෙල සණස බැංකුවේ තැම්පතු කරුවන්ගේ මුදල් රැගෙන  මෙම කළමණාකාරිනිය  ප්‍රදේශයෙන් පලා ගොස්  සිටියාය.
 
සම්බන්ධයෙන් තැම්පතු කරුවන්ගේ පැමිණිලි මත එම කළමණාකාරිණිය ඉකුත්  අගෝස්තු මස (06) වැනිදා  පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු   මෙම මාසය දක්වා    අවස්ථා   හයකදී  දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
එම  නඩුව අද (05) දා බලන්ගොඩ අධිකරණයේදි  යළි කැදවන ලදි. එහිදි නොවැම්බර් මස (19) වැනිදා දක්වා ඇය  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.