(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මොරටුමුල්ල කඩලාන ශාන්ත අන්තෝනි පාරේ ඇළ මාර්ගයක තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ජීව උණ්ඩ 150ක් සමඟ තවත් ආයුධ තොගයක් අද(11) සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි.
ඊයේ(10) දිනයේදී කළ සෝදිසියකදී ජීව උණ්ඩ 27ක් හමුවූ බවත්, ඉන් පසුව දිගින් දිගටම එම ඇළ සෝදිසි කිරීමේදී අද තවත් ආයුධ සොයාගත් බවත් පොලිසියි වැඩිදුරටත් පවසයි.
අන්තෝනි පාරේ දේවස්ථානයේ දෛනික රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙම උණ්ඩ දැක පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, මැගසීන දෙකක්, මිලිමීටර් 3.8 ජීව උණ්ඩ 100ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50ක්, මාංචු යුගලක් සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම උණ්ඩ සහ ආයුධ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවෙකු විසින් මේවා දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
එම ඇළ මාර්ගයේ තිබී ඊයේ රිවෝල්වර සඳහා භාවිත කරන උණ්ඩ 19ක්, මිලිමීටර් 9 උණ්ඩ 4ක් සහ ජීව උණ්ඩ 27ක් තිබී හමුවී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි මොරටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.



2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරටුමුල්ල ඇළෙන් තවත් ජීව උණ්ඩ - ආයුධ ගොඩගනී