(ඔගස්ටින් ප්‍රනාන්දු)

මුන්නේශ්වරම පුද බිමේ  අලෙවිය  සඳහා  කේරළ ගංජා තොගයක් ගෙන ආ පුද්ගලයෙකු අද (21) දහවල් එම කේරළ ගංජා තොගය සමඟ  අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින්ට හැකිවී ඇත.

සැකකරු කලක් යුද හමුදා සේවයේ නිරතව සිට ඇති අතර,  යුද සමයේදී  පාදයකට  වෙඩි වැදි  හානිවි  ඇතැයි ද කියයි.
 
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හෙට්ටිපොල ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරම්කරුවෙකුගෙන් මිලදී ගත් කේරළ ගංජා  තැනින් තැනට ගෙන ගොස් අලෙවි කරන  බවත් අද දහවල් ඔහු  මුන්නේශ්වරම පුද බිමට ගංජා තොගයක් අලෙවි කිරීමට ගෙන එන බවට ලද තොරතුරක් අනුව  කළ සෝදිසියකදි  මොහු අත්අඩංගුවට ගැනීමට  හැකි වී තිබේ.