ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මහරගම ඩිපෝවට අයත් තට්ටු දෙකේ බස් රථයක තිරිංග අලුත්වැඩියා කරමින් සිටිය දී එකවරම පසුපසට ධාවනය වු බස් රථයේ ගැටී ඉදිරිපස රෝදයට යට වූ පුද්ගලයෙකු අද (23) මිය ගිය බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි
මහරගම ඩිපෝවට අයත් මෙම තට්ටු දෙකේ (ඩබල් ඩෙකර් ) බස් රථයේ තිරිංග වල ඇති වූ කාර්මික දෝෂයක් අලුත් අලුත් වැඩියා කරමින් සිට ඇති අතර තිරිංග නිවැරදිව තිබේදැයි පරික්ෂා කිරීම සඳහා බස් රථය ඉදිරි පසටත් පසුපසටත් ධාවනය කර ඇති බව පොලිසිය පවසයි .
එම අවස්ථාවේදී ඉදිරියට ධාවනය වූ බස් රථය එක වරම පසු පසට ධාවනය වි ඇති අතර එම අවස්ථාවේදී බස් රථය පිටුපස රැඳී සිටි පුද්ගලයකු මෙසේ බස් රථයේ ගැටී බිම වැටී පසුපසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ඉදිරිපස රෝදයට යට වි මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි
අනතුර සිදු වීමත් සමග සමඟ ඩිපෝවේ පාලනාධිකාරිය මහරගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට ගොස් බස් රථයේ රෝදයට යටවී මිය මිය ගොස් සිටි පුද්ගල මළ සිරුර සොයාගත් බව පොලීසිය කියයි .
ඒ අනුව නුගේගොඩ කොට්ටාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හදිසි මරණ පරීක්ෂක නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය .
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බව පොලීසිය පවසයි .
අනතුර සිදු කළ බස් රථයේ රියදුරු පරීක්ෂණ සඳහා අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන මහරගම පොලිසිය සිදු කරයි .
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහරගම ඩිපෝවේ සේවකයකු බස් රථයකට යට වී මරුට