(කුෂාන් ජයවර්ධන)
කැකිරාව අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයකු සමඟ මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පැවසීය.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව කැකිරාව පොලිසියේ දූශණ මර්ධන අංශයේ නිලධාරීන් කළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරුවන් සහ අදාළ මත් කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 27 ත් අතර වයස්වල පසුවන තරුණයන් බව පොලිසිය පැවසීය. මෙම පිරිස කැකිරාව මල්දෙණිපුර ඔලොම්බෑව සහ ඔලුකරද යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගලෙන්බිදුනුවැව නාමල් පුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
කැකිරාව වෙරුංකුලම වැව් රක්ෂිතයේ දී රහසිගත ස්ථානයක මත්කුඩු තොගයක් බෙදාහැරීමට සූදානම් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 12.5 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරුකට අනුව මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනා කැකිරාව බස්නැවතුම්පොළ තුළදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු මිලි ග්‍රෑම් 350 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්කුඩු තොගය හෙට (19) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්කුඩු ජාවාරමේ නිරත වූ අයෙකු අත්අඩංගුවට
Pradeep Tuesday, 18 February 2020 04:42 PM
අහෝ.! අපේ පාසල් සමය සහ යොවුන් විය ගෙවුණු සුන්දර පරිසරය. එකල අප සිත් සැනසූ ප්‍රදේශයම අද කාලයාගේ ඇවෑමෙන් පත්වී තිබෙන තැන. අතිශයින්ම කණගාටුයි.