(සිතුම් චතුරංග)
කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 385 සමඟ ධීවරයකු අද (25) උදෑසන මන්නාරම ඕලූතුඩුවායි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
නීති විරෝධීව ඉන්දියාවේ සිට රැගෙනවිත් ප‍්‍රවාහනය කිරීමට සූදානම් බීඩි කොළ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්තන් මහතා වෙත ලැබුණ තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී බීඩි කොළ තොගය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් බීඩි කොළ මන්නාරම ඕලූතුඩුවායි වෙරළ තීරයට රැගෙනවිත් මාළු වාඩියක සඟවා පසුව ලොරි රථයකින් කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
සොයාගත් බීඩි කොළ තොගය පොලිතින් මළු 12ක් තුළ අසුරා තිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ඉක්ම වන බවද පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර, නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බීඩි කොළ කිලෝ 385 ක් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට