(මොහොමඩ් ආසික්)
මහනුවර තෙල්දෙණිය,ඩිපෝවට අයත් බස් රථයක් අද (22) තෙල්දෙණිය රඹුක්වැල්ල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ තෙල්දෙණිය ඩිපෝවට අයත් මෙම බස් රථය ලූල්වත්තේ සිට තෙල්දෙණිය දක්වා ධාවනය වෙමින් තිබියදී රඹුක්වැල්ල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බස් රථය ධාවනය වෙමින් පැවතියදී එම මාර්ගයේ මහියංගනය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මාර්ගය මැද පෙරළී ඇති අතර ඔහු බසයේ ගැටීම වැළැක්වීම සඳහා බස් රථ රියදුරු ක්‍රියාකර ඇති අතර එහිදී රථ ප්‍රපාතයට පෙරළුණු බව රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd