IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද (17) ඇද හැළුණ  අධික වර්ෂාව හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම  ඉහළ යමින් පවතියි.

මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා පොල්ගොල්ල  ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.

පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ අද සවස 3.30 වන විට ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවත් ජලාශයට තත්පරයකට ඝණ අඩි 7600 ක ජල ධාරිතාවක් ලැබෙමින් ඇති බවත් එයින් විවෘත කර ඇති වාන් දොරටු තුන හරහා තත්පරයකට ඝණ අඩි 4600 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවත්ය.

තත්පරයකට ඝණ අඩි 2000 ක තවත් ප්‍රමාණයක් උමං මාර්ගය හරහා බෝවතැන්න ජලාශය වෙත මුදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ජලාශයේ ජල මට්ටම නිතරම වාන් මට්ටමට පහළින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කාර්යභාර ඉංජිනේරු පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (0)

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site