(උපාලි රණවීර)
පැපිලියවල, වල්පොළ ප්‍රදේශයේ නිවසකදී සිදුවු පිහි ඇනුමකින් 40 හැවිරිදි අවිවාහකයෙකු මියගොස් ඇතැයි කිරිදිවැල පොලිසිය කියයි.
අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන මාතර ප්‍රදේශයේ අංජන කුමාර (40) නැමැති අය සිද්ධියෙන් බරපතල තුවාල ලබා රදාවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා ඔහු සේවය කරන ආයතනයේ සැමියා හැර ගිය කාන්තාවක් සමඟ සබඳතාවක් පවත්ව ඇත.
සිද්ධිය වූ දින ඔහු එම කාන්තාවගේ නිවසට පැමිණ සිටියදී ස්ථානයට පැමිණ ඇති එම කාන්තාවගේ පළමු සැමියා ඔහුගේ සිරුරේ ස්ථාන අටකට උල් පිහියකින් ඇන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර තුවාලකරු පැය කීපයක් එම ස්ථානයේ වැටී සිට ඇතැයිද පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ බව කියන එම කාන්තාවගේ පළමු සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට