IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පියා ඝාතනය කළැයි සැකපිට 15 හැවිරිදි දියණියගේ පෙම්වතා අත්අඩංගුවට

පාලිත ආරියවංශ

හාලිඇල, නාරංගල 9 කනුව ,දෙබැද්දපතනේ නිවසක් තුළදී අද (5) දා අලුයම් කාලයේ පොරවකින් පහරදී තිදරුපියෙක් ඝාතනය කළැයි සැකපිට 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ ජී.එච්. ගුණපාල (38)නැමත්තෙකි.

සැකකරු මරණකරුගේ 15 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවට මීට පෙර පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සියදී දෙමාපියන්ගේ කැමැත්ත මත යළි මෙම නිවසට කැදවාගෙන තිබු බවත් විමර්ශන වලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේය .

මෙම ඝාතනයෙන් පසු මරණකරුගේ බිරිද දියණිය හා සැකකරු මෙම නිවසින් පිටත්ව ගොස් තිබේ .

සැකකරු හා දියණිය සැකකරුගේ නිවසට පිටත්කර හැර මරණකරුගේ බිරිද පමණක් හාලිඇල පොලිසියට පැමිණ ඇතිබවත් අනාවරණය වී තිබේ .

ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ මරණකරු දරුවන්ට පහරදුන් නිසා තමා මෙම අපරාධය කළ බව යැයි පොලිසිය සඳහන් කළේය .
කෙසේ නමුත් එම ස්ථානයට ගිය බදුල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර යන මහත්වරු කළ විමර්ශන වලදී මෙම ඝාතනය සිදුකර ඇත්තේ මරණකරුගේ දියණිය සමග ජීවත්වූ සැකකාර තරුණයා බව අනාවරණය කර ගෙන තිබේ .

ඝාතනය සදහා යොදාගත් පොරවද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය .

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට , බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත
චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීම යටතේ හාලිඇල පොලිසිය විමර්ශන සිදුකළේය .



අදහස් (0)

පියා ඝාතනය කළැයි සැකපිට 15 හැවිරිදි දියණියගේ පෙම්වතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site