IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පලෙයි වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනක්

(සිතුම් චතුරංග)

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා නිදහස් කරන ලෙසට ඉල්ලා පලෙයි ප්‍රදේශවාසීන් හා දේශපාලන නියෝජිතවරු පිරිසක් අද (23) පලෙයි හීදි විරෝධතා පාගමනක නිරතවූහ.

වෛද්‍යවරයාට නිදහස ඉල්ලා පලෙයි රෝහල අසල පැය කිහිපයක් විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කිරීමෙන් පසුව පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පාගමනක නිරතවූහ.

ප්‍රදේශවාසීන් පැවසූයේ පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ වන තෙක් අධිකරණයකට ඉදිරිපත් නොකර ඇති බවයි.

මෙලෙස වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අතුරුදන් කිරීමට උත්සහ කිරීමට ද යන්න සැකයක් මතුව ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පලෙයි රෝහලේ කටයුතු හා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම් ද තාවකාලිකව ඇණහිට තිබේ.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මීට ඉහතදී ද පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. 

විරෝධතාකරුවන් විසින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබාදීම සඳහා සකස් කළ සංදේශයක් පලෙයි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් වෙත බාරදෙනු ලැබීය.

පලෙයි ප්‍රදේශවාසීහු, පලෙයි ප්‍රාදේශීය සභා නියෝජිතවරු හා දෙමළ ජාතික සන්ධාන පක්ෂ ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.



අදහස් (2)

පලෙයි වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනක්

Bamunuarachchi Friday, 23 August 2019 04:06 PM

සූ ගාලා සෙනග දොස්තර බේරගන්න .....

:       0       0

Mangala Saturday, 24 August 2019 10:30 AM

ජාතික ආරක්ෂාවට මෙහෙම අභියෝග කළ හැකිද? කාගේ බලයකින්ද මේවා කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site