IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන යාමට උත්සහ කළ බස්රථ රියදුරු අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ) 

නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය‍ හරස් ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට උත්සහ කිරීමේ සිද්ධියක් අද (27) නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය.

අධික වේගයෙන් පැමිණි බස් රථ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා හදිසියේ දැමීමට යාම හේතුවෙන් දුම්රිය ගේට්ටුව කැඩී ගොස් ඇති අතර නාවලපිටිය පොලිසිය බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රිය ගමන් කරන අවස්ථාවේ මහනුවර සිට හැටන් දක්වා බලා ධාවනය වු බස් රථයක් එලෙස දුම්රිය හරස් මාර්ගය හරහා දැමීමට ‍ගොස් තිබිණ.

දුම්රිය හරස් ගේට්ටුව වැසීමට ප්‍රථම අවධානම් සංඥාව නිකුත් කර තිබියදී ප්‍රධාන මාර්ගයේ නතර කර තිබූ වාහන  කිහිපයක් ඉස්සර කරමින් බස් රථ රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවන අවස්ථාවේ දුම්රිය හරස් ගේට්ටුවේ බස් රථය ගැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයට ළඟා වෙමින් තිබූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය විසින් දුම්රිය ඉදිරියට ධාවනය වීමට ලබාදෙන සංඥාව ලබා නොදී දුම්රිය හරස් ගේට්ටුවේ ගැටී නතර වී තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය කීය.

බස් රථය දුම්රිය හරස් ගේට්ටුවේ ගැටී නතර  වීමත් සමඟ බස් රථයේ සිටි මගීන් කලබල වී බස් රථයෙන් ඉවත් වී ඇත.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන යාමට උත්සහ කළ බස්රථ රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site