(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට මෙතෙක් කලක් ගෙවන ලද රුපියල් 2500 දීමනාව සහ අනෙකුත් වරප්‍රසාද මේ මාසයේ සිට කප්පාදු කිරීමට අධිකාරිය තීරණය කර ඇතැයි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසයි.
මෙම කප්පාදුවට විරෝධය පළකරන නිදහස් සේවක සංගමය එය නතර කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගෙන් ද ලිඛිතව ඉල්ලා සිටි.
මේ පිළිබඳව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සමඟ අද (17) පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව එම සංගමයේ සභාපති පැවසීය.
ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපියේ සඳහන් වන්නේ 1998 අප්‍රියල් 4 වැනිදා පැවති දකුණු පළාත් අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ගන්නා ලද තීරණයක් අනුව ද කම්කරු දෙපාර්තමේන්තුවේ බේරුම්කරණය ඉදිරියේ සිදුකරන ලද පොරොන්දුවක් අනුව ද මෙතෙක් ගෙවමින් සිටි රුපියල් 2500 දීමනාව කප්පාදු කිරිමට තීරණය කර ඇති බවයි.
එයට අමතරව මැතක සිට රජයෙන් අනුමත කරන ලද රුපියල් 2500 දිමනාව ද කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ අතර අධිකාරියේ විශාල වශයෙන් දූෂණ පවතින බවද අනුමත නැති තනතුරුවලට නිලධාරින් බඳවාගෙන රජයේ මුදල් අවභාවිත කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කළමනාකරණ චක්‍රලේඛය 05/2017ට පටහැනිව අධිකාරියේ උසස් නිලධාරින් තිදෙනෙකුට ලබාදෙන රුපියල් 10,000 ක දීමනාව වහා නතර කර එසේ වැඩිපුර මුදල් ලබාගෙන ඇති අයට සහ එයට වගකිව යුතු අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද නිදහස් සේවක සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.
ආණ්ඩුකාරවරයා වෙත යවන ලද මෙහි පිටපත් ජනාධිපතිවරයා වෙත ද ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී මේ සඳහා විසඳුමක් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු පළාත් සබේ සේවක දීමනා-වරප්‍රසාද කප්පාදු කිරීමට තීරණයක