
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ - ඩයගම මාර්ගයේ ලිඳුල රෝහල අසල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අඩි 100 ක පමණ ප්‍රපාතයකට අද (08) සවස පෙරැළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොළඹ සිට ආගරපතන බලා ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත් රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබුවන් ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපල තුවාල ලැබු පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
ලිඳුල පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.


2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රී රෝද රථය අඩි 100 ක් ප්‍රපාතයේ