IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රිරෝද රියෙන් ගංජා ගෙන ගිය සෙබළා අත්අඩංගුවට

( ඩී.කේ.රත්න )

ඇටම්පිටිය නගරයේ ත‍්‍රීරෝද රථයකින් ගංජා පැකට් ප‍්‍රවාහනය කරමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙකු අද (19) ත‍්‍රීරෝද රථයත් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

දියතලාව උමංකදුර ප‍්‍රදේශයේ පදිංචි මින්නේරිය ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 32 යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙකු මෙසේ ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇටම්පිටිය නගරයේ ධාවනය වෙමින් තිබූ ත‍්‍රිෙරා්ද රථයක් පරීක්ෂා කිරීමේදී ත‍්‍රීරෝද රථයේ සඟවා තිබූ මෙම ගංජා පැකට් තොගය සොයා ගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම යුද හමුදා විශේෂ බළකායේ සෙබලා නිවාඩුවකට සිය නිවසට පැමිණ ඇටම්පිටිය ප‍්‍රදේශයේ මළ ගෙදරකට සහභාගීවීම සඳහා ත‍්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෙසේ පොලීසියට හසුවී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ත්‍රිරෝද රියෙන් ගංජා ගෙන ගිය සෙබළා අත්අඩංගුවට

MAHINDA WIJEKOON Monday, 19 August 2019 10:18 AM

රණවිරුවන්ට අත නොතබන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site