(ක.ග.කරුණාරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්‍ෂයෙකුගේ මෙහෙයවීම මත මනම්පිටිය ප්‍රදේශයේදී මහජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ සහල්,පොල් ඇතුලු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් අද (01) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
සහල්,පොල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක් ඡන්ද දායකයන් අතර බෙදා හැරීමේ සූදානමක් තිබෙන බවට මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලකින් පසුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
නැගෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ ස්ථානයෙක මේ ආහාර ද්‍රව්‍ය තොගය ගබඩා කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම ආහාර ද්‍රව්‍ය තොගය අතර කිලෝ 10 සහල් මලු 65ක් පොල් ගෙඩි 05ක් දියලුණු පැකට් එකක් සහ තේ කුඩු ග්‍රෑම් 100 බැගින් අඩංගු ඇසුරුම් මලු 49 ක්ද තිබූ බව පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්‍ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට