(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව හලාවත මාර්ගයේ කුමාරගම ප්‍රදේශයේදී අද (24) සවස ගුවන් හමුදා ට්‍රක් රථයක ගැටීමේන් යතුරු පැදියක ගමන් කළ පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පැතුම් ශ්‍රී සමන්තිලක නැමති අයකු බව කියයි.
අනතුරට ලක්වු මව හා පුතු කඩිනමින් ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදී පුතා මරණයට පත්වු බවත් බරපතල තත්වයේ පසුවු මව පුත්තලම මුලික රෝහලට ප්‍රථිකාර සදහා යොමු කර ඇති බව පොලිසිය පවසයි.
මරණයට පත්වු තැනැත්තා සිය මව සමග යතුරු පැදියෙන් ආණමඩුව දෙසට ගමන් කරමින් සිටියදි ආණමඩුව දෙසින් පැමිණි ගුවන් හමුදා ට්‍රක් රථය කුමාරගම අතුරු මාර්ගයට එකවර හැරවීමේදී යතුරු පැදිය ට්‍රක් රථයේ ගැටී ඇති බව කියයි.
අනතුරට සම්බන්ධව ගුවන් හමුදා ට්‍රක් රථය ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණය ප්‍රතිසංස්කරණය කිරිමට බොරළු රැගෙන එමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධව ගුවන් හමුදා ට්‍රක් රථ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ගුවන් හමුදා ට්‍රක් රථයේ ගැටුණ පුතු මරුට මවට බරපතලයි