(දියතලාව - ඩී.කේ.රත්න)
මොනරාගල කිවුලේආර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි 2ක් සමග පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි මොනරාගල පොලීසිය පැවසීය.
මොනරාගල හුලංදාව පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙකු මෙම ගිනි අවි 2ත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
කිවුලේආර ප්‍රදේශයේ පුද්ගලයෙකු ගිනි අවි ළඟ තබාගෙන සිටින බවට මොනරාගල පොලීසියට ලැබුණු තොරතුරක් මත මොනරාගල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාරාව කිවුලේආර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනිඅවි දෙකත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මොනරාගල මූලස්ධාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මොනරාගල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd