
(ටී එල් ජව්ෆර්කාන්)
මඩකලපුව කාත්තන්කුඩි හි අද(26) උදෑසන ඇතිවූ ගින්නකින් ලී මෝලක් මුළුමනින්ම ගිනිබත් වී විනාශ වී ඇත. කෝටි දෙකක පමණ වටිනාකමක් ඇති දැව තොගයක් විනාශ වී ගොස් ඇතැයි හිමිකරු කීය.
කාත්තාන්ක්ඩිහි යු එල් අක්බාර් මහතාට හිමි ලී මෝල මෙසේ ගිනි ගෙන ඇත.
මඩකලපුව මහා නගර සභාවේ ගිනි නිවන අංශය, පොලිසිය සහ මහ ජනතාව මෙම ගින්න පාලනය කර තිබේ.
ලී මෝල ඇතුළෙහි සිටි එළුවන් 5 දෙනෙකු සහ කුකුළන් ගින්නෙන් මියගිය ගොස් ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කාත්තන්කුඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd