IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටි කාලේ ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)   

එල්.ටී.ටී.සංවිධානයට අයත් බවට සැකකරන  ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග හිටපු හමුදා සෙබලෙක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ 2.2 වර්ගයේ ස්පාඤ්ඤයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් බව පොලිසිය කියයි.      

කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගකු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පරීක්ෂා කිරීමේ දී අල්මාරියේ සගවා තිබූ මෙම ගිනිඅවිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .      

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ගිනි අවිය උතුරු නැගෙනහිර රාජකාරි කරන අවධියේ දී රැගෙන ආ බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය . 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත එගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාස්කෝරාල මහතා පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (0)

කොටි කාලේ ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site