IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කල්පිටිය සුළං විදුලි බලාගාරයේ කුලුනක ගින්නක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයේ පිහිටි සුළං විදුලි බලාගාරයේ කුලුනක අද (28) දින හදිසි ගිනි ගැනීමක් සිදුව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

පෞද්ගලික සමාගමකට අයත් මෙම සුළං විදුලි බලාගාරයේ පිහිටි කුලුනුවලින් එක් කුලුන හදිසියේ මෙම ගිනි ගැනීම සිදුව තිබේ.

අඩි 200 කට ආසන්න උසකින් යුත් මෙම සුළං කුලුන මුදුනේ පිහිටි විදුලිය නිපදවන පද්ධතියේ මෙම ගිනිගැනීම සිදුව ඇති අතර ගිනි ගැනීමෙන් අදාළ කොටස පැයකට ආසන්න කාලයක් ගිනි ගනිමින් විනාශ වී ඇති බව පොලිසිය කීය.

කුලුනේ සිදු වු හදිසි ගිනි ගැනීමත් සමඟ අවට පදිංචිකරුවන් දැඩි බියකට පත්වී  ඇති බව පොලිසිය සඳහන් කළේය.

 

 

 



අදහස් (1)

කල්පිටිය සුළං විදුලි බලාගාරයේ කුලුනක ගින්නක්

Kumar Monday, 28 October 2019 06:59 PM

හැකිතාක් ඉක්මනින් ගින්නට හේතුව සොයා බලා ඉතිරි කුළුණුවල එවැනි ගින්නක් ඇති විය හැකිද බැලුවොත් තමා හොඳ. මෙවැනි විදුලි බලාගාරවල ස්වයංක්‍රිය ගිනි නිවන උපකරණ තිබෙනවා කියලා මම සිතුවේ. කැලිෆෝනියාවේ මෙවැනි කුළුණු සිය ගණනක් තිබෙනවා. මෙවැනි කුළුනක ගින්නක් ඇතිවු බව අහන්න ලැබිලා නැහැ.

:       25       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site