IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරාපිටිය රෝහලකට හානිකිරීමේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි නියෝග

(ඩී. ජී. සුගතපාල)
 
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළඳී මියයාමත් සමඟ කෝපයට පත් ප්‍රදේශයේ ජනතාව ඉකුත් සිකුරාදා(12) ගාල්ල කරාපිටිය මාර්ගය අවහිර කරමින් අලුතෙන් ඉදිකරගෙන යනු ලබන  පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි උපකරණවලට ගිනි තබා හානි කිරිමේ සිද්ධියේ දර්ශන පොලිසියට ලබාදෙන ලෙසට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා අද (16) රූපවාහිනී ආයතනවලට නියෝගයක් නිකුත් කළේය.
 
වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ ගාල්ල පොලිසිය කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවය.
 
ඉකුත් 4වනදින හිරිඹුර ප්‍රදේශයේ පස් හැවිරිදි පිරිමි ළමයෙකු ඩෙංගු රෝගයෙන් මියගිය ඇති අතර ඔහුගේ අට හැවිරිදි  සොහොයුරාද ඩෙංගු රෝගයෙන් 12වන දින මිය ගියේය. ඒ සමඟ කුපිතවු ජනතාව ගාල්ල කරාපිටිය මාර්ගයේ ටයර් පුළුස්සා අවහිර කළ අතර මේ නිසා කරාපිටිය රෝහලට යාමට පැමිණි රෝගීන් ඇතුළු විශාල පිරිසක් අපහසුවට පත්වූහ. ගාල්ල වඳුරඹ, ගාල්ල- මාපලගම, ගාල්ල -යක්කලමුල්ල, ගාල්ල- අක්මීමණ ආදි මාර්ගවල ගමන් ගන්නා වාහනවලටද ගමන් කිරීමට නොහැකිවීම නිසා විශාල වාහන තදබදයක්ද පැවතිණි.
 
එහි පැමිණි ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකකටද විරෝධතාකරුවන් පහරදීම එක් රථයකට අලාභ හානි සිදුවිය. විරෝධතාකරුවෝ ඩෙංගු මදුරුවන් බෝවන්නේ  ඒ අසළ ඉදිකරමින් පවතින පුද්ගලික රෝහල් වැඩ බිමකින් බව පවසා ඊට ඇතුළු වී ගොඩනැගිලිවලට සහ ඉදිකිරීම් සමාගමේ යන්ත්‍ර සූත්‍රවලටද ගිනි තැබූහ.
 
මෙම සිද්ධියෙන් පසුව සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් ඒ ඒ ආයතන විසින් පැමිණිලි කර ඇති අතර සිදුව ඇති අලාබ පසුව ලබාදියයුතු බවද පැමිණිලිකරුවෝ පවසා ඇත.
 
එම පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තාකර විරෝධතාවේ දර්ශන ලබා ගැනීම සඳහා රූපවාහිනි ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීම සළකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (1)

කරාපිටිය රෝහලකට හානිකිරීමේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි නියෝග

de silva berlin Tuesday, 16 April 2019 03:34 PM

දොස්තර මාෆියාව පසුගිය කාලයේ ක්‍රියාකළ ආකාරය සහ රජයට ඔවුන්ව පාලනය කිරීමට බැරිබව දැක්කම මිනිසුන්ට ඉතාමත් කලකිරීමක් ඇතිවෙලා, මිනිස්සුන්ගේ කලකිරීම කෝපයකට හැරිලා, මිනිස්සු නිතිය අතට අරන් පුද්ගලික රෝහල්, චැනල් කඩ, දොස්තරලට සහ ඔවුන්ගේ දේපල වලට පහර දෙන්න පටන් අරන්. මේවා උසාවි පොලිසි ගිහින් විසදන්න බැරිය විශාල ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. දොස්තරලා යුරෝපයේ සහ කියුබාවේ කරන විදිහට පුරවැසියන්ට කාරුණිකව හොඳින් කතා කර සොයා බලා ප්‍රතිකාර කිරීමටත්, ජිවිත අනතුරේ දමමන් මුදල් පසුපස දිවීම නතර කිරීම් සහ තම වාසිය තකා කරන රෝගී ජිවිත අනතුරේ දමමින් කරන අසාධාරණ වර්ජන නතර කිරීමට කාලය පැමිණ ඇත, නැත්නම් ඉදිරියටත් දිගින් දිගටම මෙවැනි පහරදීම් සිදුවී , විශාල අර්බුදයක් ඇතිවිය හැක

:       240       97

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site