IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතරගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොල)

කතරගම පොලිසිය මගින් තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් රුපියල් දස ලක්ෂයක වන්දියක් ඉල්ලා කතරගම වන්දනාවක නිරත වූ හංවැල්ල ප්‍රදේශයේ වන්දනාකරුවන් 35 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24)  මූලික  අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

පොලිස්පති , නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.

පසුගිය ජනවාරි 18 වන  දින පෙත්සම්කරුවෝ වන්දනා බස් රථයකින් හංවැල්ලේ සිට කතරගම බලා පිටත් වුහ.ඔවුහු කතරගමට පැමිණ හෝටලයක නවාතැන් ගත්හ. එම හෝටලය පිටුපසින් මැණක් ගඟ  ගලා බසි.

බස් රථයේ සේවකයින් රථය ගං වතුරෙන් සෝදමින් සිටියදී නීතිවිරෝධී ලෙස  වැලි ගරමින් සිටි පිරිසක් අතර බහින් බස් වීමක් සිදු වුහ .එම ස්ථානයට පැමිණි ගම් වැසියන් එම ස්ථානයේදී  ඔවුන්ට පහර දෙන්නට වුහ .මෙම  සිද්ධිය පොලිසියට සැලවීමෙන් පසු  කතරගම පොලිසිය එම ස්ථානයට පැමිණ පෙත්සම්කරුවෝ අත්අඩංගුවට ගත්හ . සිද්ධිය පිළිබඳ සත්‍ය තත්ත්ව පැහැදිලි කළත් ඉන් පලක් නොවුණි.

පසුව ඔවුන් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ්  බාරයට පත් කර පසුව ඇප මත මුදා හැරියේය.

එබැවින් මෙම පෙත්සම විභාගවට ගැනීමට නියෝග කරන ලෙසද මේ සිද්ධිය පිළිබඳව නඩු  විභාගයක් පවත්වන ලෙසද , රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (0)

කතරගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site