( හේමලතා ඩී හේවගේ)
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අවස්ථාවේ පන්නල - කංකානියමුල්ල රක්ෂිතයෙන් හොර රහසේ කපා ගත් මිල්ල දැව ගස් 02 ක් එම රක්ෂිතය ආසන්නයේ පිහිටි නිවෙසක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබියේදී එක් සැකකරු සමග අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය අඩවිවන නිළධාරි කාර්යාලය පවසයි.
මෙලෙස දැව කඳන් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මෙම රක්ෂිතයේ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව අඩවි වන නිළධාරීන් විසින් වනයේ කල විමර්ශණයකින් පසු මෙම දැව කඳන් අත්අඩගුවට ගැනීමට හැකිවූ බවද පැවස.
අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී සියඵ නඩු භාණ්ඩ සමග ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
37
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඳිරි නීතිය අස්සේ දැව ජාවාරමුන් රජ ගමනේ