(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

ආවරණයක්  නොමැතිව   තේ  කුඩු  ප්‍රවාහනය  කළ  ලොරි රථ  රියැදුරකු  අද(07)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  අයෙකි.
 
බලන්ගොඩ ප්‍රදේශයේ  තේ  කර්මාන්ත ශාලාවක  සිට  රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ  දක්වා ලොරි රථයකින්  එම  තේ  කුඩු ප්‍රවාහන  කරමින් සිටියදී  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
 
රියැදුරු  හෙට (08)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අත්අඩංගුවට ගත් තේ  කුඩු  සාම්පල  ශ්‍රී ලංකා තේ  මණ්ඩලයට  යවා  තත්ත්ව සහතිකයක්  ලබා  ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.