(දයාරත්න ඇඹෝගම)
"පාර්ලිමේන්තුවේ ඉන්න සියලු හොරු ටික අකුළලා දාන්න ඕනෑ. වැරදි කරපු අය ජම්පර් අන්දලා හිරේට දාන්න ඕනෑ. 225 න් කීප දෙනෙකු හරි ඉතුරු වෙලා හොඳ අය පාර්ලිමේන්තුවේ ඉතුරුවෙයි. පාර්ලිමේන්තුව දැන් මොන්ටිසෝරියකටත් අන්ත වෙලා" යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතා පැවසීය.
අනුරාධපුරයේ අද (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉෂාක් රහුමාන් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.
අපි ඉදිරි මැතිවරණය සඳහා හොඳ අශ්වයෙක් ලෑස්ති කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ අශ්වයා දැම්මොත් වැඩි බහුතරයකින් මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒ අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්, දැම්ම කියන්න ඕන නෑ අශ්වයාගේ නම කියන විට ජනතාව තුළ මහා විශාල පිබිදීමක් ඇති වෙනවා.
අපිට දැනට 124 දෙනෙකුගේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා.උසාවි තීන්දුවත් සමඟ එය 130 ක් දක්වා වර්ධනය වෙයි කියලා මම හිතනවා. අපි මේ අරගල කරන්නේ අපේ වාසිය තකා නෙමෙයි. මේ රටට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව අනුවයි අපි වැඩකටයුතු කරන්නේ.
සමහරු කියනවා අපි මැතිවරණ වලට සූදානම් එන්න මැතිවරණයකට කියලා, අපි මැතිවරණ වලට බය නෑ. අපි දැන් හොඳ අශ්වයෙක් ලෑස්ති කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ අශ්වයා දැම්මොත් වැඩි බහුතරයකින් මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒ අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්, දැම්ම කියන්න ඕන නෑ.රේස් එක දැනටමත් අපි දිනලා ඉවරයි.
අශ්වයාගේ නම කියන කොට ජනතාව තුළ මහා විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. සමහරු ඒ අශ්වයාගේ නම අහලා දැනටමත් ඔට්ටු අල්ලන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කැමතියි මේක හොඳ අශ්වයෙක් දාලා දිනවන්න.එතුමා තමයි වර්ථමාන නායකයා, මැතිවරණය එද්දී එතුමා වගේම පක්ෂයේ සියලු දෙනා තීරණය කරයි ඒ වෙලාවට සුදුසුම කෙනා අපි දානවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්’