(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නුවරඑළිය අධිකරණ සංකීර්ණයට පැමිණීම නිසා නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු 16 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද (04) ඉල්ලීමක් කළ බව නුවරඑළිය නීතිඥය සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසීය.
නුවරඑළිය නීතිඥය සංගමයේ විශේෂ රැස්විමක් අද පැවැත්වු බවත්, එහිදි සියලු නීතිඥ්‍යවරුන් ඒකමතික තීරණය කරනු ලැබුවේ අධිකරණ කටයුතු 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට බවත් ගාමිණි සේනානායක මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් එම විනිසුරුවන් තිදෙනාගෙන් එම ඉල්ලීම කල බවත්, එම ඉල්ලීම අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර අධිකරණ සේවා කොමිසන් සභාවේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරන බවට එම විනිසුරුවන් තිදෙනා තම සංගමයට දැනුම් දෙන බව පැවසු බවයි ගාමිණි සේනනායක මහතා කියා සිටියේය.
අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ඉකුත් මස 26 දින නඩු කටයුත්තක් සදහා තම අධිකරණ සංකීර්ණයට පැමිණ පසුව එම නිලධාරියා කල පි.සි.ආර්. වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරියා එ බව නුවරඑලිය පොලිසියට දැනුම් දි ඇති බවද ගාමිණි සේනානායක මහතා පැවසිය.
නුවරඑලිය අධිකරණ සංකිර්ණය නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් විෂබිජහරණයටද ලක් කෙරිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නුවරඑළිය අධිකරණයේ නඩු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්